FB IMG 15798558396242599

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමෙීන්තුවෙි පුහුණුව ලැබීම සදහා අයදුම් පත් කැඳවීම

(අඩු ආදායම් ලාභීන්ට ස්ථිර රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය)

රට හදන ''සෞභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ''දිළිඳු බවින් තොර ශ්‍රි ලංකාවක් බිහි කිරිම '' සංකල්පය යටතේ,එක් තිරසාර හා ප්‍රධාන උපාය මාර්ගයක් වශයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල සිටින, අවම අධ්‍යාපන සුදුකම් සහිත සාමාජිකයන්ට, විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසු රජයේ ස්ථිර රැකියාවක් ලබා දීමට මෙහිදී අවධානයට යොමු වී තිබේ.

මේ සඳහා පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මඟින් විධිමත් ක්‍රමවේදයකට හඳුනාගන්නා රැකියා ලාභීන්ට මාස හය (06) ක රැකියා පුහු‍ණුවක් ලබා දෙන අතර තම ප්‍රදේශවල පවතින රැකියා අවස්ථාවලට ගැලපෙන වෘත්තීය පුහුණුවක් ලබා දීම මෙහි අරමුණ වී තිබේ.

මෙහි සුදුසුකම් ලෙස
1. අ.පො.ස (සා.පෙළ) සමත්විමේ මට්ටමට වඩා පහළ අධ්‍යාපන මටිටමේ සුදුසුකම් සහිතව වීම
2. අයදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට යවයස අවරුදු 18 -40 ට නොවැඩි විය යුතුය
3. සමෘද්ධී සහනාධාර ලැබිමට සුදුසු එහෙත් නොලැබෙන පුවලක රැකියා විරහිත සාමාජිකයකුවිම හෝ
4. සමාද්ධී සහනාධාර ලැබිමට සුදුසු එහෙත් නොලැබෙන පවුලක රැකියා විරහිත සාමාජිකයකුවීම හෝ
5. වයස්ගත‍,රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියාවක් නොමැති සාමාජිකයකු වීම
6. අයඳුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකුවීම

පුහුණුව සඳහා තෝරා ගැනිම

1. එක් පවුලකින් ඉහත අංක 1 හි සඳහන් සුදුකම් සපුරා ඇති එක් ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනු ලැබේ.
2. අයඳුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයඳුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන අදාළ
වෘත්තීය පුහුණුව තීරණය කරනු ලැබේ.
3. තමා පදිංචි ප්‍ර දේශ තුළ හෝ ආසන්න ප්‍ර දේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවල දී මෙම පුහුණු සිදු කරනු ලැබේ
4. සාර්ථක පුහුණුවකින් පසු පදංචි ප්‍ර දේ‍්ශයේ හෝ ආසන්න ප්‍ර දේශවල රැකියාවල නිරත කරනු ලැබේ.

වැටුප් හා දිමනා

මාස හය(06) ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රුපියල් 22500ක දිමනාවක් ගෙවනු ලැබේ. සාර්ථක පුහුණුවිමකින් පසුව තමාට ලැබෙන ක්ෂේත්‍රයට අදාළව,තමාගේ ස්ථිර පදිංචි ප්‍රාද්ශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන (PL 1) රජයේ ස්ථීර තනතුරකට පත්විමට පුහුණුලාභින්ට අවස්ථා ලැබේ.

වසර 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලිමෙන් පසුව රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

ක්ෂේත්‍ර 25ක් ඔස්සේ පුහුණුවිම් ලබා දෙන අතර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ අයඳුම්පතක් ලබා ගත හැකි අතර,සම්පුර්ණ කරන ලද අයඳුම්පත 2020 පෙබරවාරි මස 15 දින හෝ ඊට පෙර ඔබ පදිංචි ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරි වෙත භාර දිය යුතු වේ.

 

පුහුණුව සදහා අදාළ ක්ෂේත්‍ර:-

  1. කෘෂි නිෂ්පාදන සහයක
  2. සාත්තුසේවා, පවිත්‍රතා සේවා සහයක
  3. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සහයක
  4. ආපදා කළමනාකරන සහයක
  5. පරිසර කළමනාකරන සහයක
  6. අලෙවි සේවා සහයක
  7. ප්‍රවාහන කටයුතු සහයක
  8. පරිඝනක , තොරතුරු තාක්ෂණ , දුරකථන ක්‍රියාකරු හා සන්නිවේදන සහයක
  9. මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු
  10. අරක්කැමි , භෝජනාගාර සේවක හා බොජුන්හල් සහයක
  11. තරු පන්තියේ සංචාරක හෝටල්, බංගලා සහයක සහ උද්‍යාන අලංකරණ සහයක
  12. ක්‍රීඩා ආයතන කායවර්ධන මධ්‍යස්ථාන සහයක , ක්‍රීඩාංගන, පිහිනුම් තටාක සහයක සහ ජීවිතාරක්ෂක සහයක
  13. වඩු කාර්මික හා වඩු සහයක
  14. ඇඳුම් මැසීම
  15. පෙදරේරු සහ පෙදරේරු සහයක
  16. රූපලාවන්‍ය මධ්‍යස්ථාන සහයක
  17. විදුලි කාර්මික හා විදුලිකාර්මික සහයක සේවා
  18. රියදුරු හා රියදුරු සහයක
  19. සත්වපාලනය සහ ධීවර කටයුතු සහයක
  20. ඉන්ධන පිරවුම්හල් හා රථවාහන පිරිසිදු කිරීමේ සහයක
  21. දැල් හා ධීවර ආම්පන්න අලුත්වැඩියා සහයක
  22. අවිරහිත ආරත්ෂක නියාමක
  23. පූර්ව ළමාවිය සංවර්ධන සහයක
  24. වෑද්දුම්කරු සහයක සහ ජලනල කාර්මික
  25. ගෘහපාලන, සුබසාධන හා නඩත්තු

අයදුම් පත්‍රය

 

 

පරිසරය සුරකීමේ වැදගත්කම අරමුණු කරගෙන පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන 2020.ජනවාරි 09 වන දින උදෑසන පොරෝණුව හයිඩ්‍රෝටෙක්නික් වේ ගග විදුලි බලාගාර භූමි පරිශ්‍රයේදි පවත්වන ලදී.

Tree planting program organized by the Divisional Secretariat, Pelmadulla with the objective of safeguarding the environment, was held on the morning of 9th of January, 2020 at the premises of the Hydrotechnic Way.

 

DSC5047         DSC 5045   

Notice is hereby given of a Meeting of  the General Agriculure Commitee will be held at 10.00 am on Tuesday, 2019.05.14 in the office auditorium.

අභ්‍යාසලාභී උපාධිධාරීන් රජයේ ආයතනවල පුහුණුව ලබාදීම II අදියර - 2019 යටතේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල තෝරා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය

link -

අභ්‍යාසලාභී උපාධිධාරීන් රජයේ ආයතනවල පුහුණුව ලබාදීම II අදියර - 2019

News & Events

03
ජූලි2026
වසන්ත උදානය - 2026

වසන්ත උදානය - 2026

PLDS වසන්ත උදානය - 2026  පැල්මඩුල්ල ප්‍රාදේශීය...

03
ජූලි2026
වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

  වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026...

Scroll To Top