Our Vision
යහපාලනය තුළින් තිරසර සංවර්ධනය කරා
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති අනුකූල ව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම
පිහිටීම
බොහෝ ඈති අතීතයේ ගැල්කරුවන් ගිමන් හරින පැල් රාශියක් (මඩුල්ලක්) මෙහි තිබූ බැවින් පැල්මඩුල්ල යන අර්ථාන්විත නාමය ලත් පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යගත පිහිටා ඇත. දිස්ත්‍රික්කයේ අනෙකුත් කොට්ඨාස හා සසඳා බලන කළ විශාලත්වයෙන් දොලොස්වන ස්ථානය හිමිවන අතර දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා සසඳා බලන කල විශාලත්වයෙන් 135 වන ස්ථානය හිමි කර ගනියි. මෙම ප්‍රදේශයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 14600 (අක්කර 36077) ක් පමණ වන අතර එය රත්නපුර දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 4.46% ක ප්‍රමාණයක් හා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 0.22% ක ප්‍රමාණයක් වසා පවතියි.
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටීම
උතුරු අක්ෂාංශ 6.614605 - 6.586272,
නැගෙනහිර දේශාංශ 80.412819 - 80.605745
උන්නතාංශය 217-1066m
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිම්
|
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය |
මායිම් වන ග්‍රාම නිලධාරි වසම් |
||
|
උතුර |
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
හෙට්ටිකන්ද |
එගොඩමල්වල |
|
කොළඳගල |
බානගොඩ |
||
|
හීන්බැරැණ්ඩුව |
ගලබඩ |
||
|
අංගම්මන |
බටුගෙදර |
||
|
දුරෙක්කන්ද |
මුද්දුව |
||
|
බස්නාහිර |
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ඇත්ඔය |
|
|
ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
හංගමුව |
මගුරුගොඩ |
|
|
දකුණ |
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
හොරන්ගල |
පාතකඩ |
|
නොරගල්ල |
දොඹගම්මන |
||
|
වන්නියවත්ත |
එරබද්ද |
||
|
කිරිබත්ගල |
|||
|
කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
නුගවෙල බටහිර |
යායින්න |
|
|
නුගවෙල නැගෙනහිර |
|||
|
ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
කොටකෙතන |
||
|
නැගෙනහිර |
ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
පොල්වත්තහේන |
හල්ලින්න |
ඉතිහාසය
පැල්මඩුල්ල ප්රාග් ඉතිහාසය
ලංකාවේ ප්රාග් ඓතිහාසික පර්යේෂණවල වඩාත් ප්රගමනයක් සිදුවනුයේ 1942 දී මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල ගේ මැදිහත් වීමෙනි. රත්නපුරය අවට ප්‍රදේශවලට ඔහුගේ වැඩි අවධානයක් යොමුවූ අතර පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් පතලකින් ප්රාග් ඓතිහාසික සත්ව පොසිල සොයාගැනීමට හැකි විය පැල්මඬුල්ලට නුදුරු බුලත්වත්ත ස්ථානයෙන් බලංගොඩ සංස්කෘතියට නෑකම් කියන මෙවළම් සොයාගෙන ඇත.
අනුරාධපුර යුගය
අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියේ අෂ්ඨ ඵල බෝධීන්ගෙන් හටගත් දෙතිස්ඵල බෝධියක් අදත් ගණේගම රජ මහා විහාරයේ විරාජමානව වැඩ සිටී. දැනට පවතින දෙතිස්ඵල බෝධි අතුරින් විශාලතම බෝධිය මෙය බවට සාධක පවතියි. එදා මේ විහාරය හඳුන්වා ඇත්තේ දෙනවක විහාරය නමිනි. මේ පිළිබඳව බෝධි වංශයේද සඳහන් වේ.
පොළොන්නරු යුගය
පොළොන්නරුවේ රාජ්‍ය විචාල පළමුවන විජයබාහු රජ සමයෙනි. එතුමන් කිරිබත්ගල කන්ද හා කුට්ටපිටිය කඳු අතර කෙහෙල්බද්දල හා දෙනවක ගංගා එකට එකතුවන ද්‍රෝණයක් වැනි තැනක බල කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති බව කියැවේ.
කෝට්ටේ යුගය
කෝටටේ යුගයේ හයවන පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ මව්පියන් සිහිපත් වීම සඳහා රටේ තැනින් තැන වෙහෙර විහාර කරවා තිබේ.එසේ විහාර කරවද්දී එතුමන් ගනේගම විහාරයේ විහාරගෙයක් කරවා සුනේත්‍රා දේවිය නමට පින් අනුමෝදන් කර පූජා කර තිබේ
පෘතුග්‍රීසි පාලන සමය
පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ අසවේදු නම් පෘතුගීසී සෙන්පතියා මෙතැන තමන්ගේ බලකොටුවක් පිහිටුවා ගෙන තිබේ. ගනේගම විහාරයේ ද මැකී ගිය චිත්‍ර යළි මතු කරන්නට කටයුතු කළ අවස්ථාවේ විහාරගෙයි බිත්තියේ තිබී පෘතුගීසි සොල්දාදුවෙකුගේ හා පූසන් දෙදෙනකුගේ සිතුවම් මතුකරගෙන තිබේ. පෘතුගීසි බලකොටුවක් පැවති බව දැක්වීමට ඒවාද සාක්ෂි සාධක වෙයි.
මහනුවර යුගය
මහනුවර යුගයේ අග භාගය වන විට වර්තමාන රත්නපුර දිස්ත්‍රික්කය යනුවෙන් හැඳින්වෙන සබරගමුව දිසාවනිය කෝරළයන් 06 කට බෙදා තිබුණි.ඒවා නම්,
කුරුවිටි කෝරළය
නවදුන් කෝරළය
කොළොන්න කෝරළය
කඩවත් හා මැද කෝරළය
අටකලන් කෝරළය
කුකුළු කෝරළය වේ.
මින් නවදුන් කෝරළයේ උඩපත්තුව හා මැද පත්තුව ආශ්රිත ව වර්තමාන පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පිහිටයි.
කුට්ටාපිටියේ තඹ සන්නස ( 1752 )
ශ්‍රී බුද්ධ වර්ෂ 2294 (ක්‍රි:ව: 1752 ) දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දෙන ලද මෙය , සිංහල නරපතියෙකුගෙන් ශ්‍රී පාදස්ථානයට ලැබුන අවසාන සන්නසයි. මුල් බිජු එකසිය හැටපස් අමුණක වපසරිය ඇති කුඹුරු හා දැනට තේ- රබර් වවා තිබෙන අක්කර හාරදහසකට අධික ගොඩ ඉඩම් මේ සන්නස යටතේ ලැබී තිබේ.
මේ දේපල පූජා කර තිබෙන්නේ ශාසනාන්තර්ධනය දක්වා ශ්‍රී පාදස්ථානය පවත්වා ගැණීමට බැව් , ශ්‍රී ලංකාද්වීපයෙහි රාජ්‍ය ශ්‍රී පද ප්‍රාප්ත වන මහා රාජොත්තමයානන් වහන්සේලාගෙන් නිරවුල්ව මේ ස්ථානයෙහි සාසනාන්තර්ධානය දක්වා සස්ථිරව පූජා සත්කාර පවත්වා වදාරණ පිණිසත් එහි වත් පිරිමසන තැන්වලට වටන පසට පවත්නා ශැටියටත් සපරගමු දිශාවේ නවදුන් කෝරළේ බද කුට්ටාපිටිය කියන ගම යන්න සන්නසෙහි පැහැදිලිකර තිබෙන වාක්‍යයෙන් පෙනේ.
ශ්‍රී පාදස්ථානයේත් එහි නායක ස්වාමීන් වහන්සේගේත් නිත්‍ය නිවාසය වූ ගල්පොත්තාවල පංසලේත් , ශ්‍රී පාද වාරය වූ හමස තුල එම නායක තෙරුන්නාන්සේගේ තාවකාලික නිවාසය වශයෙන් පවත්නා පළාබත්ගල පංසලේත්, ශාසනාන්තර්ධානය දක්වා අඩු ලුහුඬු නැතිව අදීන පාලනයක් ගෙනයාමට අවශ්‍ය හැම දෙයක්ම සිදුකර දීම සඳහා මෙම කුට්ටාපිටිය විහාරගමෙන් ඉටු විය යුතු රාජකාරී 84 කි.
මෙයින් 3-9-10-33-45-54-57 යන රාජකාරි හතෙන් කොටසක් පැල්මඬුල්ල පුරාණ විහාරයෙනුත් , 75 වන රාජකාරියෙන් කොටසක් පැල්මඬුල්ලේ ශ්‍රී සුදර්ශන ධර්ම ශාලාවෙනුත්, 16-33-55 යන රාජකාරි වලින් කොටසක් ඉද්දමල්ගොඩ බස්නායක නිලමෙගේ පෙළපතෙන් පැවත එන අය විසිනුත් කළයුතු බැව් කුට්ටාපිටිය කොමසාරිස් පොතෙහි සඳහන්ව තිබීමෙන් පෙනෙන්නේ මේ ස්ථානය රැකබලා ගැනීම සඳහා ගිහි-පැවිදි-ලොකු-කුඩා කවුරුත් පාහේ සහභාගී වියයුතු බවයි.
ප්‍රාදේශීය පරිපාලනය
නවදුන් කෝරළය
මහනුවර යුගය වනවිට පැල්මඩුල්ල අයත් වූයේ නවදුන් කෝරළයටය.
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවීම
1955 – 04 - 14 දිනැති අංක 22/1955 දරණ සීමා නීර්ණ පනතෙහි 6 වන පරිච්ඡේදය ප්‍රකාර ව එවකට පැල්මඩුල්ල ආණ්ඩුවේ උප ඒජන්ත කොට්ඨාසය පිහිටුවන ලදි. එවකට මෙම කොට්ඨාසය ග්‍රාම නිලධාරි කොට්ඨාස(ගම්මුලාදෑනි වසම්) 10 කින් සමන්විත වූ අතර එම වසම් නම්
|
දෙනවක උඩකඩ |
පනාවැන්න |
|
දෙනවක පාතකඩ |
මොරතොට |
|
ගනේගම |
කුට්ටපිටිය |
|
ලෙල්ලොපිටිය |
මාරපන |
|
බෝපැත්ත |
හකමුව |
| වටාපොත | දොලොස්වල |

1974 සීමා නීර්ණයට අනුව දොලොස්වල හා වටාපොත යන වසම් නිවිතිගල උප දිසාපති කොට්ඨාසයට අනුයුක්ත කරන ලදි.
පසුකාලීන ව මෙම වසම් ප්‍රමාණය මෙහි මතු දැක්වෙන අයුරින් වර්ධනය වී වර්තමානය වන විට 37 දක්වා වර්ධනය වී ඇත
1955 12
1974 10
1985 18
1990 37
පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසය
මැතිවරණ කොට්ඨාස ලෙස ගත් කළ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මැතිවරණ කොට්ඨාස 3ක පැතිර ව පවතියි. ඒ පැල්මඩුල්ල, රත්නපුර හා නිවිතිගල යන මැතිවරණ කොට්ඨාසයන් ය. මින් රත්නපුර හා නිවිතිගල යන මැතිවරණ කොට්ඨාස දෙක 1947 සිට පැවැති අතර 1959 වර්ෂයේදී වෝල්ටර් තල්ගොඩපිටිය ඡන්ද කොට්ඨාස බෙදීමේ කොමිසම අනුව බලංගොඩ බහු මන්ත්‍රී ආසනයේ වෙනසක් ඇතිවිය. එනම් බහු මන්ත්‍රීන් තේරීම අහෝසි වී බලංගොඩ පැල්මඩුල්ල හා රක්වාන යන නමින් ආසන 3 කට කැඩී යැමය. පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් ඡන්ද දායකයින්ට මුලින් ම සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ලැබෙන්නේ 1960-03-19 වන දින පැවැති මැතිවරණයෙනි.
පළාත් පාලන කටයුතු
පෙර පැවති ගම්සභා ක්‍රමය යටතේ පැල්මඩුල්ල සුළු නගර සභාව හා ඒ යටතේ පැල්මඩුල්ල ,පාතකඩ හා මාරපන යන ගම් කාර්ය සභා වලින් සමන්විත විය. එම ගම්සභාවල මුල් සභාපතිවරුන් මෙසේය
- නවදුන්කෝරළේ පල්ලෙපත්තුව - හැරල්ඩ් වේරගම,
- නවදුන් කෝරළේ මැදපත්තුව- ඩබ්ලිව්. ඇම්. කේ. බණ්ඩාර,
- නවදුන් කෝරළේ උඩපත්තු - ඩබ්ලිව්. ඇම්. ටිකිරි බණ්ඩා
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත මඟින් ගම්සභා අහෝසි කිරීමෙන් පසුව ගල්ලින්න ග්‍රාම නිලධාරි වසමට අයත් අංක 25 ඡන්ද කොට්ඨාසය රත්නපුර මහ නගර සභාවට අයත් වූ අතර ඉතිරි ඡන්ද කොට්ඨාස සියල්ලම පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට අයත් විය. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය රිල්හේන ප්‍රදේශයේ ඇති අතර මාරපන උප කාර්යාලයක් ද ඇත.
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
1992 අංක 58 දරන බලතල පැවරීම් ප්‍රාදේශීය ලේකම් පනත අනුව 1992-12-01 දිනැති අංක 743/20 ගැසට් පත්‍රය අනුව පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවන ලදි.


















