භූ විෂමතාවය
භූ විෂමතාවය
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය භූ විෂමතාවය අතින් ගත් කළ ප්‍රධාන වශයෙන් පහත කොටස් වලට බෙදිය හැකිය
- කුට්ටපිටිය කඳු පන්තිය
- කිරිබත්ගල කඳු පන්තිය
- දෙනවක ගංගා නිම්නය
- වේ ගංගා නිම්නය
කුට්ටපිටිය කඳු පන්තිය
පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ උතුරු දිශානුගත ව පිහිටි කුට්ටපිටිය කඳු පන්තියෙහි උපරිම ත්‍රිකෝණමිතික ස්ථානය කුට්ටපිටිය කන්දයි(969m). ශ්‍රී ලංකාවේ උසින් නවවන දිය ඇල්ල වන මීටර් 116ක් උස කිරිඳී ඇල්ල මෙම කලාපය තුළ පිහිටා තිබේ.
කිරිබත්ගල කඳු පන්තිය
පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිරිත හා දකුණු දිශානුගත ව පිහිටා ඇත.උපරිම ත්‍රිකෝණමිතික ස්ථානය කිරිබත්ගල කන්දයි(948m). ඉතා අලංකාරවත් දියඇල්ලක් වන පුළුන් ඇල්ල මෙම කඳු පන්තිය ආශ්රිත ව පවතියි.
දෙනවක ගංගා නිම්නය
කළු ගඟේ ප්‍රධාන අතු ගංගා අතුරින් එකක් වන දෙනවක ගඟ කුට්ටපිටිය හා කිරිබත්ගල යන කඳු පන්ති අතර පිහිටි නිම්නය ඔස්සේ ගලා බසියි.කොට්ඨාසයේ ජන ඝනත්වය අධික ම භූ විෂමතා කලාපය ලෙස මෙය හැඳින්විය හැකිය
වේ ගංගා නිම්නය
කළු ගඟේ ප්‍රධාන අතු ගංගා අතුරින් එකක් වන වේ ගඟ කොට්ඨාසයේ නිරිත හා ගිණිකොන දිශා ඔස්සේ කොට්ඨාසයට මායිම් ව ගලා බසියි.
ජලවහනය
ජල වහනය
ප්‍රධාන ගංගා හා ඇළ මාර්ග
කොට්ඨාසය පුරා පැතිරුන ජලවහන රටාවක් දක්නට ලැබෙන අතර ප්‍රධාන ගංගාවන්
දෙනවක ගඟ
වත්තෙපංගුව ප්‍රදේශයෙන් කොට්ඨාසයට පිවිසෙන දෙනවක ගඟ උඩතුල කුට්ටපිටිය වසම් මායිම, ගනේගම රිල්හේන වසම් මායිම, ගොඩගම දෙනවකපාතකඩ වසම් මායිම, දොඹගස්වින්න දෙනවකපාතකඩ වසම් මායිම, දොඹගස්වින්න සන්නස්ගම වසම් මායිම, දිප්පිටිගල බැරැණ්ඩුව වසම් මායිම, ලෙල්ලොපිටිය බැරැණ්ඩුව වසම් මායිම, බෝපැත්ත බැරැණ්ඩුව වසම් මායිම ඔස්සේ ගලා ගොස් මාවැල්ල ප්‍රදේශයෙන් කොට්ඨාසයෙන් නික්මී යයි.
වේ ගඟ
පළමු කොටස - ගිණිකොන දිග ප්‍රදේශය
කට්ටංගේ ග්‍රාම නිලධාරී වසමෙහි දාන්දාව ප්‍රදේශයෙන් කොට්ඨාසයට පිවිසෙන වේ ගඟ ගොඩකවෙල පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම, කහවත්ත පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම ඔස්සේ ගලා ගොස් පොරෝණුව ප්‍රදේශයෙන් කොට්ඨාසයෙන් නික්මී යයි
දෙවන කොටස - නිරිත දිග ප්‍රදේශය
මෙසේ පොරෝණුව ප්‍රදේශයෙන් කොට්ඨාසයෙන් නික්ම යන වේ ගඟ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඹස්සේ ගලා ගොස් නැවත දෑල ප්‍රදේශයෙන් කොට්ඨාසයට පිවිස මාවුදැල්ල මාරපන හා ගල්ලින්න මාරපන යන වසම් මායිම් හා රත්නපුර පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම ඔස්සේ ගලා ගොස් ඉහළ හකමුව ප්‍රදේශයෙන් කොට්ඨාසයෙන් නික්මී යයි
හංගමු ගඟ
හංගමු ගඟ අළුපොත වසම තුළ පමණක් ගලායයි
බඹරබොටුව ඔය
බඹරබොටුව ඔය ගෝණකුඹුර වසම ඔස්සේ රත්නපුර
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම ඔස්සේ ගලා බසියි.
දොඩම්ගහ ඇල
දොඩම්ගහඇල ගෝනකුඹුර වැලිමළුව ගල්ලින්න වසම් ඔස්සේ රත්නපුර පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිම ඔස්සේ ගලා බසියි.
කොට්ඨාසයේ පවතින දියඇලි
උස මීටර් වලිනි
කිරිදි ඇල්ල 116
පුළුන් ඇල්ල 105
ගැරඬි ඇල්ල 105
රජනාව ඇල්ල 67
ලිහිණියන් කෙළින ඇල්ල 30
කුඩාඇල්ල 30
හත්බිලි ඇල්ල 11
මරක්කල ඇල්ල 10.5
කුඩා ඇළ මාර්ග හා දොළ පාරවල්
|
Ø අළුකුල්ලදෙනියේ දොළ |
Ø ඇත්ඔය ඇළ |
Ø දෙහිගහහේන ඇළ |
|
Ø ඉන්දොළ |
Ø එගොඩවත්ත දොළ |
Ø නාගහදොළ |
|
Ø එනසාල් දොළ |
Ø කැන්දකැටිය ඇළ |
Ø පට්ටියදෙනියේ දොළ |
|
Ø කිරිවන්දොළ |
Ø කිලොල්ල ඇළ |
Ø කොටකෙතන ඇළ |
|
Ø කුකුලගේ ඇළ |
Ø ගල්ලෑල්ල ඇළ |
Ø ගනිමදොල |
|
Ø තැනුම්දොළ |
Ø තැන්නෙපිටහේන දොළ |
Ø තුන්දොළ |
|
Ø දළුක්ගල් ඇළ |
Ø දික්දොළ |
Ø පුවක්ගහ හේන දොළ |
|
Ø දෙනවක ඇල |
Ø දෙපාවේ ඇළ |
Ø පොතුවිලේ දොළ |
|
Ø දොනවේ ඇළ |
Ø දොරනකැලේ දොළ |
Ø බත්ගම්ගොඩ ඇළ |
|
Ø හීන්දොළ |
Ø නීලගම ඇළ |
Ø ගමගේ දොළ |
|
Ø පනාවැන්න ඇළ |
Ø පල්ලගේ දොළ |
Ø ගලපිටවත්ත දොළ |
|
Ø පින් අස්වැද්දුම් දොළ |
Ø පුවක්කැටියේ දොළ |
Ø තලංගම ඇළ |
|
Ø පුහුඅරඹේ දොළ |
Ø පොකුණ දොළ |
Ø දුන් දොළ |
|
Ø බටකැටියේ දොළ |
Ø බටහේන් දොළ |
Ø පෑලිමෝදර දොළ |
|
Ø බැරැණ්ඩුව ඇළ |
Ø බින්වලදෙනිය දොළ |
Ø යක්ගහදෙනිය ඇළ |
|
Ø මලගෙවත්ත දොළ |
Ø මහමෝදර ඇළ |
Ø බෝගහදොළ |
|
Ø මුරුතුමෝදර දොළ |
Ø යක්කල්ල දොළ |
Ø රිලා දොළ |
|
Ø රදාදොළ |
Ø රඹුක දොළ |
Ø මූණමල්දොළ |
|
Ø වැලිකුඹුර දොළ |
Ø වේවැල් දොළ |
Ø හත්වැල්ලගේ ඇළ |
|
Ø හපුදඬු ඇළ |
Ø හබරගල ඇළ |
Ø හල්දොළ |
භූ විද්‍යාත්මක තත්ත්වය
භූ විද්‍යාත්මක තත්ත්වය
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය භූ විද්‍යාත්මක වශයෙන් සම්පූර්ණයෙන් ම ප්රාග් කේම්බ්‍රිය යුගයට අයත් හයිලෑන්ඩ් ශ්‍රේණියේ හෙවත් උස්බිම් ශ්‍රේණියට අයත් වේ. ඒ අනුව මේ ප්‍රදේශය තුළ භූ විද්‍යාත්මකව හදුනා ගන්නා ලද පාෂාණ වර්ග කිහිපයක් දක්නට ඇත.
අවසාදිත
මුළු ප්‍රදේශයෙන් 50% පමණ මේ වර්ගයට අයත් වන අතර ප්‍රධාන කලාප දෙකකි.
- දිප්පිටිගල,පැල්මඩුල්ල,කෙටේතැන්න ප්‍රදේශ යා වන පරිදි වයඹ,ගිණිකොණ දිශානුගතව විහිදී ඇත.
- හකමුව,නිරල්ගම ප්‍රදේශ යාවන පරිදි වයඹ ගිණිකොණ දිශානුගතව විහිදී ඇත.
නයිස්
මෙම පාෂාණ 45%ක පමණ වන ප්‍රදේශයක පැතිරී පවතී. මාරපන,පැල්මඩුල්ල,වැල්ලතියෙන ප්‍රදේශවල වයඹ, ගිණිකොණ දිශානුගතව ද දිප්පිටිගල,කුට්ටපිටිය,කෙටේතැන්න යා වන පරිදි වයඹ දිශානුගතව ද කුට්ටපිටිය කන්ද ආශ්‍රිතව කුඩා කොටසක් ද ඇත.
මාබල්
කඩදොරකන්ද හා සිංගප්පුලිකන්ද ප්‍රදේශයේ ඉතා සුළු වශයෙන් ද කිරිදිඇල්ල ප්‍රදේශයේ කදු ආශ්‍රිතව ද ඉතා ස්වල්ප වශයෙන් ව්‍යාප්තව ඇත.
ක්වාට්සයිට්
කපුහේන්තොට වසමේ බටහේන හා රඹුක සකිකන්ද ප්‍රදේශයේ සුළු වශයෙන් ඇත.
පස
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සම්පූර්ණයෙන් ම අයත් වනුයේ තෙත් කලාපයට බැවින් එහි ඇති පස් වර්ග ද තෙත් කලාපීය පස් වර්ගයන් වේ. මේ අනුව දැනට ප්‍රධාන පස් වර්ග තුනක් හදුනාගෙන ඇත. එනම්,
- තද වශයෙන් විච්චින්න වූ කඳු සහ වැලි සහිත ප්‍රදේශවල රතු සහ කහ පෙඩි සෝලික් පස - මෙම පස ගැඹුරුය. ආම්ලිකතාවයෙන් වැඩිය.
- විවිධ ජල වහන තත්ත්වයන්ගෙන් සමන්විත තැනිතලා ප්‍රදේශවල ඇති දියලු පස.වේ ගඟ ආශ්රයෙන් අති දියලු නිම්නවල එන මෙම පස දුර්වල ජල වහනයකින් යුක්ත ය.
- කඳු ශිඛර සහ ලිබසෝල් පස - ඉතා තද දුඹුරු පසකි. මෙම පස් වර්ගය කිරිබත්ගල කඳු මුදුන ආශ්‍රිතව පවතී.



















