විවාහ ලියාපදිංචි කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
i. නිවැරදි ලෙස සම්පූර්ණ කර මුද්දර අලවා සහතික කරන ලද ලි. ප. බී 100 විවාහ දැන්වීම
ii. නිවැරදි ලෙස සම්පූර්ණ කර මුද්දර අලවන ලද ලි. ප. බී 121 ඉල්ලුම්පත්‍රය
iii. ලි. ප. බී 105, ලි. ප. බී 103, ලි. ප. බී 157, ලි. ප. බී 115 විවාහ ලේකම් පොතෙහි ආකෘති
විශේෂ බලපත්‍ර මත විවාහ සිදු කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
ලි. ප. බී 100 - විවාහ දැන්වීම
ලි. ප. බී 121 - සහතිකයක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය ප්‍රකාශය
ලි. ප. බී 104 - ප්‍රකාශය
ලි. ප. බී 105 - රෙජිස්ට්‍රාර්වරයාගේ සහතික පත්‍රය
ලි. ප. බී 103 - රෙජිස්ට්‍රාර්වරයාගේ සහතික පත්‍රය
ලි. ප. බී 157 - විවාහයට අදාළ ජීව සංඛ්‍යාත විස්තරය
විවාහ උප්පැන්න,මරණ සහතික පිටපත් නිකුත් කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
i. උප්පැන්න සහතිකයක් සඳහා - ආ 63
ii. මරණ සහතිකයක් සඳහා - ආ 63
iii. විවාහ සහතිකයක් සඳහා - ආ 121
iv. මුස්ලිම් විවාහ හො දික්කසාද සහතිකයක් සඳහා - ආ 41
කල්ගිය උපත් ලියාපදිංචි කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
i. 24 වගන්තිය යටතේ වූ ප්‍රකාශපත්‍රය ( ලි. ප. ආ. 6)
ii. උපත ලියාපදිංචි වී නොමැති බවට ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
iii. පුද්ගලයාගේ උපන් දිනය හා උපන් ස්ථානය ඇතුළත් පහත ලියවිලි වලින් එකක්
- රෝහල් උපත් වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- ග්‍රාම නිලධාරී වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- වතු උපත් වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- පවුල් සෞඛ්‍ය නිලධාරීනියගේ උපත් ලේඛනයේ පිටපතක
iv. ඉහත සඳහන් ලිපි ලේඛන නොමැති නම් පහත ලියවිලිවලින් එකක්
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතීස්ම සහතිකය
- මුල්වරට පාසලට ඇතුළත් කිරීමේ ලේඛනයේ සහතික පිටපතක්
- වේලාපත්කඩය
- ශිෂ්‍ය කාර්ය දර්ශනය
- පිළිගත් හැඳුනුම්පතක්
v. දෙමාපියන් විවාහක නම් ඔවුන්ගේ විවාහ සහතිකය ( දෙමාපියන් අවිවාහකව සිටියදී පියා පීතෘත්වය භාර ගන්නේ නම් පියාගේ දිවුරුම් ප්‍රකාශය හා ලි. ප. ආ. 6 ප්‍රකාශ පත්‍රයේ 10 තීරයේ මව හා පියාගේ අත්සන් යොදා තිබීම)
vi. දිවුරුම් ප්‍රකාශ සහ කරුණු සනාථ කරගත හැකි වාර්තා
vii. ප්‍රකාශය ඉදිරිපත් කරන අය විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය
viii. දෙමාපියන්ගේ උප්පැන්න සහතික
ix. ග්‍රාම නිලධාරීගේ ප්‍රකාශය
x. උපත ලැබූ ස්ථානය වත්තක නම් වතු අධිකාරීගේ ප්‍රකාශය
xi. රෝහල් උපත් ලේඛන ආශ්‍රිතව කරනු ලබන ප්‍රකාශය
අනුමාන වයස් සහතික නිකුත් කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
- i. 24 වගන්තිය යටතේ වූ ප්‍රකාශ පත්‍රය (ලි. ප. ආ. 6)
- ii. උපත ලියාපදිංචි වී නොමැති බවට ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
- • අනුමාන වයස පිළිබ වෛද්‍ය වාර්තාව
- • ප්‍රදේශයේ පදිංචි බවට ග්‍රාම නාලධාරී වාර්තාව
- • විවාහ සහතිකය හෝ සහෝදර සහෝදරයින්/ දරුවන්ගේ උප්පැන්න සහතිකය
iii. දිවුරුම් ප්‍රකාශ සහ කරුණු සනාථ කරගත හැකි වාර්තා
27 වෙනි වගන්තිය යටතේ උප්පැන්නයක 2 තීරය සංශෝධනය කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
නම පමණක් සංශෝධනය කිරීමට
පෙළපත් නාමය සංශෝධනය කිරීම සඳහා
- i. ප්‍රකාශ පත්‍රය - 21 ට අඩු නම් - ලි. ප. අ. 9
21 ට වැඩි නම් - ලි. ප. අ. 10
නමක් ඇතුළත් කිරීමට
ප්‍රකාශ පත්‍රය - 21 ට අඩු නම් ලි. ප. බි. 7
21 ට වැඩි නම් - ලි. ප. බි. 8
- ii. සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්
iii. අවුරුදු 7ට වැඩි අයකුගේ නම් ප්‍රකාශය සනාථ කිරීම සඳහා වසරකට වඩා පැරණි ලිඛිත සාක්ෂි අවම වශයෙන් තුනක්
- • බවුතීස්ම සහතිකය
- • ශිෂ්‍ය මූලික ලැයිස්තුව
- • ගෘහ මූලික ලැයිස්තුව
- • කිසියම් කාර්යයක් හෝ නිල කටයුතු සඳහා කරන ලද ප්‍රකාශ ( වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් නිල කටයුතු සඳහා කරන ලද ප්‍රකාශ සහතිකය)
- • පුවත්පත් දැන්වීම
- • මුදල් ඉතිරි කිරීමේ බැංකු පොත
- • තැපැල් හැඳුනුම්පත
- • රැකී රක්ෂා වාර්තා හෝ පාසල් වාර්තාව
- • විවාහ සහතිකය
- • දරුවන්ගේ උප්පැන්න සහතිය
- iv. අවුරුදු 7 ට අඩු පුද්ගලයකුගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ පත්‍රයේ විධිමත්භාවය මිස ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීම හෝ ලිඛිත සාක්ෂි අවශ්‍ය නොවේ
- v. වයස අවුරුදු 21ට අඩු නම් දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ සහතික කළ පිටපතක්
- vi. දිවුරුම් ප්‍රකාශය
vii. ග්‍රාම නිලධාරි සහතිකය
viii. රාජ්‍ය සේවකයින් සඳහා භාණ්ඩාගාර චක්‍රලේඛ අංක 394/1957.08.18 යටතේ නම වෙනස් කිරීමේ ආකෘතිපත්‍රය සමග ලබා ගත් ලිපිය
27 ආ වගන්තිය යටතේ උප්පැන්න 4, 6, 7, 8, 9 තීරු සංශෝධනය කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
- i. විෂය වන උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්
- ii. මවගේ හා පියාගේ උප්පැන්න සහතිකවල, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කළ පිටපත්
iii. දෙමාපිය විවාහ සහතිකයේ, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කළ පිටපතක්
- iv. පියා මිය ගොස් ඇතිවිට ඔහුගේ මරණ සහතිකය
- v. විවාහයෙන් පසුව මවගේ නම වෙනස් කර ඇති විට එය ඇතුළත් කර ගැනීමකදී මවගේ සංශෝධිත උප්පැන්න සහතිකයේ පිටපතක්
- vi. විවාහයට පෙර උපන් දරුවෙකුගේ උප්පැන්න සහතිකයේ පියා පිළිබඳ තොරතුරු නිවැරදි කිරීම සඳහා දැනුම් දෙන්නාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
vii. දිවුරුම් ප්‍රකාශය
viii. ග්‍රාම නිලධාරී සහතිකය
52 (1) වගන්තිය යටතේ උප්පැන්න හෝ මරණ සහතිකයක සංශෝධනය කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
උප්පැන්න සහතිකයක් සඳහා
- • ප්‍රකාශ පත්‍රය
- • සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්
- • සිදුවී ඇති දෝෂය හා නිවැරදි වියයුතු ආකාරය සඳහන් දිවුරුම් ප්‍රකාශයක්
- • දෝෂය හ නිවැරදි වියයුතු ආකාරය දක්වමින් ග්‍රාම නිලධාරි ලිපිය ( පදිංචියට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන ලබා ගත යුතුය)
1 තීරය සඳහා
- • ආරෝග්‍යශාලා, මාතෘ නිවාස සහ එබඳු ආයතනවල ඇති ලේඛන සහතික පිටපත්
- • අත් එන්නත් කාඩ්පත
3 තීරය සඳහා
- • වෛද්‍ය වාර්තා
- • රෝහල් සාක්ෂි
- • පාසලින් ලබාගත් වාර්තා
- • වතු වාර්තා
- • සෑහීමකට පත්විය හැකි වෙනත් වාර්තා උදා - හැඳුනුම්පත්
5 තීරය සඳහා
- • දෙමාපියන්ගේ විවාහ සහතිකයේ සහතික කළ පිටපතක්
- • මවගේ උප්පැනන සහතිකයේ සහතික කළ පිටපතක්
- • මවගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක්
- • අනෙක් දරුවන්ගේ උප්පැනන ( තිබේනම්)
- • රෝහල් උපත් වාර්තාව
මරණ සහතිකයක් සඳහා
- • මිය ගිය පුද්ගලයාගේ මරණ සහතිකයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කළ පිටපතක්
- • ආරෝග්‍යශාලා රජයේ රෝහල් හො එබඳු ආයතනවල ඇති ලේඛන වල සහතික පිටපත්
- • රෝහල මරණ ප්‍රකාශය
- • ග්‍රාම නිලධාරී මරණ වාර්තාව
- • මියගිය පුද්ගලයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- • මිය ගිය අයගේ දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්
- • මිය ගිය පුද්ගලයාගේ රැකියාවේ පත්වීම් ලිපිය
- • මිය ගිය පුද්ගලයාගේ රාජකාරී හැඳුනුම්පත
- • මිය ගිය පුද්ගලයා විශ්‍රාම ගොස් ඇත්නම් විශ්‍රාම ලිපිය
- • මිය ගිය පුද්ගලයාගේ වැටුප් විස්තර
- • මිය ගිය පුද්ගලයාගේ රැකියාව සටහන වී ඇති පිළිගත හැකි ලියවිලි
- • මිය ගිය පුද්ගලයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා විසින් නිකුත් කළ මරණයට හේතුව සඳහන ලිපිය
කල් ගත වූ මරණ ලියා පදිංචි කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
- i. 36 වගන්තිය යටතේ වූ ප්‍රකාශ පත්‍රය
- ii. මරණය ලියාපදිංචි වී නොමැති බවට ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
iii. පුද්ගලයකුගේ මියගිය දිනය ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලිවලින් එකක්
- • රෝහල් වාර්තාව හෝ එහි සහතික කළ පිටපතක්
- • ග්‍රාම නිලධාරි වාර්තාව හෝ එහි සහතික කළ පිටපතක්
- • වතු මරණ වාර්තාව හෝ එහි සහතික කළ පිටපතක්
- iv. මරණ දැන්වීම හෝ ශෝක ප්‍රකාශ
- v. ආගමික කටයුතුවලට සහභාගි වූ බවට අදාළ පූජ්‍ය පක්ෂය විසින් සහතික කළ ලිපිය
- vi. අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අවමංගල්‍ය සේවා සැපයූ අයතනයන්හි බිල්පත්
vii. අදාළ අයගේ මරණය සඳහා පාරිතෝෂික පිරිනැමූ බවට සුභ සාධන සමිති විසින් නිකුත් කළ ලිපි
viii. මිය ගිය අයගේ වයස සනාථ කරගත හැකි ලියවිලි ( උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, දරුවකුගේ උප්පැන්න සහතිකය)
- ix. මිය ගිය අය කිසියම් රැකියාවක හෝ වෘත්තියක නිරත වූ අයෙක් නම් එය සනාථ කර ගත හැකි ලියවිලි
- x. මරණයට හේතුව සනාථ කරන වෛද්‍ය වාර්තා
- xi. දිවුරුම් ප්‍රකාශය
xii. ග්‍රාම නිලධාරි සහතිකය

















