ලංකාවේ ජනගහනයෙන් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් විගමණිකයන් විදියට මේ පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර රටවෙනුවෙන් වැයවෙනවා.
අපි ඒක රටවෙනුවෙන්ම කියල අතිශෝක්තියට නොනඟා සරළව තේරුම් ගන්න උත්සාහ කරොත් පෞද්ගලිකව තමන් වෙනුවෙන් නොරටවල්වල දුක් වින්දත් විගමණික ඉපයීම් මේ අපේ මව්බිමේ ප්‍රධාන ආදායම බවට පත්වෙලා ඉවරයි.
මොහොතක් හිතන්න මිත්‍රවරුනි, ලංකාවේ ජනගහනයෙන් 10% කටත් මදක් අඩු ප්‍රමාණයක කොටසක් තමයි අපේ රටේ වැඩිම ආදායම ජනනය කරන ප්‍රභවය වෙලා තියෙන්නේ.
ඒ කියන්නෙ විගමණික සේවකයන් වන ඔබ අති සුවිශේෂීයි. අති විශිෂ්ඨයි.
උක්ත මිලියන තුනේ විගමණික සේවක කුලකයේ ත්ෂුද්‍ර උප කුලකයක් වන කොරියාවේ අපි ඔලුගෙඩි ගානට සාපේක්ෂව මව්බිම වෙනුවෙන් මහා බරක් දරනව.
ඉතාමත් සරළව ගණන් හැඳුවොත් කොරියාවේ අපි මසකට අවමය රු .කෝටි 500 ක් මව්බිමට යවනව.
කොරියාවේ ශ්‍රී ලාංකිකයා සමඟ නිර්දේශපාලනික සුපසන් ගමණකට ආරාධනා. කොරියාවේ ශ්‍රී ලාංකිකයා අවධියෙන් බලා සිටිනවා.
 
287821354 143111758303336 8174234773997437639 n

News & Events

03
ජූලි2026
වසන්ත උදානය - 2026

වසන්ත උදානය - 2026

PLDS වසන්ත උදානය - 2026  පැල්මඩුල්ල ප්‍රාදේශීය...

03
ජූලි2026
වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026

  වැඩිහිටි බල මණ්ඩල අවුරුදු උත්සවය 2026...

Scroll To Top