ලංකාවේ ජනගහනයෙන් මිලියන තුනකට ආසන්න ප්රමාණයක් විගමණිකයන් විදියට මේ පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර රටවෙනුවෙන් වැයවෙනවා.
අපි ඒක රටවෙනුවෙන්ම කියල අතිශෝක්තියට නොනඟා සරළව තේරුම් ගන්න උත්සාහ කරොත් පෞද්ගලිකව තමන් වෙනුවෙන් නොරටවල්වල දුක් වින්දත් විගමණික ඉපයීම් මේ අපේ මව්බිමේ ප්රධාන ආදායම බවට පත්වෙලා ඉවරයි.
මොහොතක් හිතන්න මිත්රවරුනි, ලංකාවේ ජනගහනයෙන් 10% කටත් මදක් අඩු ප්රමාණයක කොටසක් තමයි අපේ රටේ වැඩිම ආදායම ජනනය කරන ප්රභවය වෙලා තියෙන්නේ.
ඒ කියන්නෙ විගමණික සේවකයන් වන ඔබ අති සුවිශේෂීයි. අති විශිෂ්ඨයි.
උක්ත මිලියන තුනේ විගමණික සේවක කුලකයේ ත්ෂුද්ර උප කුලකයක් වන කොරියාවේ අපි ඔලුගෙඩි ගානට සාපේක්ෂව මව්බිම වෙනුවෙන් මහා බරක් දරනව.
ඉතාමත් සරළව ගණන් හැඳුවොත් කොරියාවේ අපි මසකට අවමය රු .කෝටි 500 ක් මව්බිමට යවනව.
කොරියාවේ ශ්රී ලාංකිකයා සමඟ නිර්දේශපාලනික සුපසන් ගමණකට ආරාධනා. කොරියාවේ ශ්රී ලාංකිකයා අවධියෙන් බලා සිටිනවා.

කොරෝනා වසංගත සමයේ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්යවශ්ය ආහාර බෙදා හැරීමට බලපත්රලාභී පුද්ගලයන්ගේ නාමලේඛනය

COVID-19 විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරවලින් බලපායි. බොහෝ ආසාදිත පුද්ගලයින්ට මෘදු සහ මධ්යස්ථ රෝගාබාධ ඇති වන අතර රෝහල් ගත නොවී සුවය ලබයි.
වඩාත් පොදු රෝග ලක්ෂණ:
උණ
වියළි කැස්ස
මහන්සිය
අඩුවෙන් පොදු රෝග ලක්ෂණ:
කැක්කුම සහ වේදනාව
උගුරේ අමාරුව
පාචනය
සංසන්ධිතප්රදාහය
හිසරදය
රසය හෝ සුවඳ දැනීම අඩු වීම
සම මත ඇති වන පලු හෝ ඇඟිලි හෝ පාඟිලි දුර්වර්ණ වීම

























